fifa-world-cup2022

ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය අද ආරම්භ වෙයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීයි. මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යයේ සියලු කටයුතු සූදානම් කර ඇත

උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති.

කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් අද සිට ලබන දෙසැම්බර් 18 වනදා තෙක් එකම කිරුලක් වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතයි. ඒ වෙනුවෙන් ක්‍රීඩාංගණ 8ක් සූදානම් කර අවසන්.

එහි විශේෂත්වය වන්නේ එම ක්‍රීඩාංගණ 8ම කිලෝමීටර් 55ක අරයකින් යුත් සීමිත ප්‍රදේශයක පිහිටා තිබීමයි. එබැවින් ප්‍රේක්ෂකයෙකුට එක් දිනක් තුළ පාපන්දු තරග දෙකක් හෝ නැරඹීමේ ඉඩ පවතිනවා.

.

Similar Posts