plane-attack

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබේ.

යානා දෙක ගැටෙන අවස්ථාවේ 6 දෙනකු යානා දෙකේ සිටි බව එම ගුවන් යානාවල හිමිකාරත්වය දරන සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

බෝයිං බී-17 සහ බෙල් පී-63 යානා දෙකක් මෙසේ ගැටී ඇත. ඩලස් ගුවන් පථය ආසන්නයේදී එරට වේලාවෙන් දහවල් 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

Similar Posts