කාසල් වීදීයේ කාන්තා රෝහලේ ලක්ෂ 170ක් වන විදුලි බිල වහාම නොගෙවන්නේ නම් නොදන්වා විදුලිය විසන්ධි කරන බවට දැනුම් දී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය අගෝස්තු මාසයේ සිට විදුලි බිල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන නොලැබුණු බැවින් මාස කීපයක විදුලි බිල එකතු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංයේ සේවක වැටුප් ගෙවීමෙන් අනතුරුව විදුලි බිල සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන බවට පොරොන්දු වී ඇති බව පැවසුවත් ලබන සතිය තුළ විදුලි බිල ගෙවීමට නොහැකි වුවහොත් කාසල් වීදියේ කාන්තා රෝහලේ විදුලිය කුමන මොහොතක හෝ විසන්ධි වනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Similar Posts