computer

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) හදිසියේ බිඳ වැටී තිබේ.

මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන තිබේ.

සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි ජනතාව නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලීසිය පවා කැඳවීමට ද පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය ඉක්මණින් යථා තත්ත්වයට පත්කිරීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් ක්‍රියාකරමින් සිටී.

Similar Posts