slparli

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්‍ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්‍ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

“අද පොදු විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 103ක් තිබෙනවා. සමගි ජන බලවේගය, ඩලස්ලාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා එකේ ඉතිරි වුණු කෑලි ටික, ටී.එන්.ඒ. එක මුළුමනින්ම, පොහොට්ටුවෙන් හැලිලා ආපු කෑලි සියල්ලම එකතු වුණාම 103ක් ඉන්නවා.

අපට තව 10යි ඕන අත්සන් කරන්න. 113ක් අත්සන් කළාම පාර්ලිමේන්තුව ඉබේටම විසුරුවා හැරෙනවා.

 

 

Similar Posts