milk

දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ද කාරක සභාවේදී තීරණය වූ බවද මහලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ අනුව දිනකට දරු දැරියන් 500 ක උපරිමයකට යටත්ව ලබන වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා කාරක සභාවේ අනුමතිය හිමිවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරු හතරදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමට ඊයේ (8) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසනවා.

මෙලෙස අලුතින් ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව නමැති කාරක සභා ත්‍රිත්වයයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ සුමන්තිරන් සහ  සාගර කාරියවසම් මෙම විශේෂ කමිටුව සදහා පත් කළ බවද මහලේකම්වරයා සඳහන් කළා.

Similar Posts