strick

රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) දින කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබේ.

අඬපණ වු ආර්ථිකය යළි පිබිදීමක් පෙන්නුම් කෙරෙන අවස්ථාවක මෙවැනි විරෝධතා දැක්වීම සුදුසු නොවන බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන සහ ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් ඇතුළු පාර්ශව මෙය සංවිධානය කර ඇති බව සඳහන්ය.

පෙළපාලිය අද පස්වරු 03.00ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර තිබේ.

ජනතාවට සහන ලැබෙන අවස්ථාවක විරෝධතා ක්‍රියාමාර්ගවල යෙදීමේ අරමුණ පැහැදිලි නොවන බව පුජ්‍ය දඹර අමිල හිමි සඳහන් කළේය.

Similar Posts