ranil

නැවත වතාවක් ජාතිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන හා ගෑස් හිගය පිළිබදව අදහස් දැක්වීය.

එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනතාව තව ඉවසා සිටිය යුතු බවයි.

ඉදිරියේදී තවත් බදු පැනවීමට නියමිත බවද ඒ මහතා කීය.

“මේ සති 03 තුල ඉන්ධන ගැන අමාරුම කාලය ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට තිබෙන පෝලිම් වලින් පෙනී යනවා. දැනට ගෑස් රැගත් එක නෞකාවක් මේ වන විට ඇවිත් තියෙනවා.

එම නෞකාවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500ක් තිබෙනවා. මේ ගෑස් ලබා දෙන්නේ විශේෂයෙන්ම තොගය ලබා දෙන්නේ රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි කණ්ඩායම් වලට ලබා දෙන්න. ඊට පසුව එන ගෑස් නෞකා වලින් මාස 04කට සරිලන ගෑස් ලබා ගන්න. ඒ සඳහා දින 14ක කාලයක් ගත වෙනවා. නුමුත් අපි බලාපොරෝත්තු වෙනවා එක නැවක් හරි ලංකාවට ගෙන්න ගන්න.

අපි අඛණ්ඩව ඉන්ධන ලබා දෙන්න තීරණය කළා. නමුත් අඛණ්ඩව ඉන්ධන ලබා දෙන්න පුළුවන් වන්නේ දැන් තිබෙන ඉල්ලුමෙන් සියයට 50ක් විතරයි. එකෙත් ප්‍රමුඛත්වය ලබා දෙනවා විදුලි බල උත්පාදනය, ප්‍රවාහනයට මෙන්ම තවත් අත්‍යවශ්‍ය සේවා රැසකට.

මේ වගේ දැන් තියෙන ඉන්ධන තොග වලින් අපට දවස් 07කට පමණයි. නුමුත් මේ මාසේ 16 වෙනිදා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනවා. ඒ වගේම තවත් ඉන්ධන නෞකා දෙකක් තියෙනවා. පෙට්ට්‍රල් නැවක් සහ ඩීසල් නැවක් ලබා ගෙන තිබෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව මේ මාසය අවසන් වෙනකම් අපි ඉන්ධන නෞකා ලබා ගෙන තිබෙනවා.

ඒ වගේම ලබන මාසයටත් අපි ඉන්ධන නෞකා දෙකක් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ ඉන්දියාව සමග අත්සන් කරන නව ගිවිසුම අනුව මාස 04කට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න පුළුවන්.

නුමුත් මේ ඉන්ධන ලබා දෙන්නේ සීයයට 50ක ඉල්ලුමක් අනුවයි.

ඉන්ධන ලබා ගැනීමේදී අපිට විදෙස් මුදල් ගැටලුව පැන නැගුණා. ඒ ගැටලුව ගැන කතා කරද්දී එක් රාජ්‍ය බැංකුවක රුපියල් තිබුනෙත් නැහැ. පස්සේ මම කැබිනට් මණ්ඩලයට ගිහින් අනුමැතිය අර ගත්තා මුදල් මුද්‍රණය කරන්න. මේ හේතුව නිසයි නව බදු පැනවීමක් සිදුකලේ. ඒ වගේම තවත් බදු කිහිපයක් පැනවීමට තියෙනවා.

මේ වසර අවසන් වෙද්දී රුපියලේ හිඟකම නැති කරන්න අවශ්‍ය පියවර ගන්නවා ඒ වගේම විදෙස් සංචිත ගැටලුව නැති කර ගන්නයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය බලාපොරොත්තු වෙන්නේ” අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

Similar Posts