sinhala news boat

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය.

යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී තිබේ.

ඒ වනවිට යාත්‍රාව වියට්නාම භූමියෙන් නාවික සැතපුම් 258ක් දුරින් යාත්‍රා කරමින් පැවති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.

ඒ අසලින් යාත්‍රා කරමින් පැවැති ජපානයට අයත් හිලියෝස් ලීඩර් නම් නෞකාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර, ඔවුන් සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව විපතට පත් එහි සිටි පිරිස මුදාගත් බව වාර්තා වේ.

මුදාගන්නා අවස්ථාවේදී යාත්‍රාව තුළ පිරිමි පුද්ගලයන් 264දෙනෙකු, කාන්තාවන් 19දෙනෙකු සහ ළමුන් 20දෙනෙකු එහි සිට තිබුණි.

ඔවුන් සියලුදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

Similar Posts