gossip news today

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබේ.

සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ සිටය.

ඒ සදහා තෝරාගත් සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කල පසු මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුලට පැමිනීම, ගබඩා කිරීම සිදු වේ.

නමුත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාදයකට ලක්ව තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වන විටත් රට තුල බරපතල ඖෂධ හිගයක් ඇති වී තිබිය යුතු නමුත්, ඉදිරිය පිළිබද නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් පමණ රට තුල උග්‍ර ඖෂධ හිගයක් ඇතිවීම නොවැලැක්විය හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරනු ලබන දත්ත හා සැලසුම් පිළිබදව විමසීමේදී, මෙම අර්බුධකාරී තත්වය පිළිබදව නිසි අවබෝධයකින් කරයුතු කරමින් සිටින්නේද යන්න පිළිබදව අවිස්වාසයක් පවතින් අතර, නිවැරදි සංඛ්‍යලේඛණ ඉදිරිපත් කිරීමට කිසියම් බියක් දක්වන්නේද යන්න පිළිබදව සැකයක් මතුවේ.

අවම වශයෙන් ඩොලර් මිලියන 40ක පමණ මුදලක් අවශ්‍ය වන මෙම ගැටලුව විසදා ගැනීම සදහා රජය ලබාදීමට එකගව ඇති ඩොලර් මිලියන 5ක මුදල එක ඖෂධයකටත් ප්‍රමාණවත් නොවන තත්වයක් තිබියදී, එමගින් ගැටලුව විසදාගත හැකි බව ප්‍රකාශ කිරීමට තරම් රාජ්‍ය අමාත්‍යාංශය ඉක්මන් වී තිබීම පුදුමයට කරුණකි.

කෙසේ නමුත් ඉදිරියේදී කල් ඉකුත් වූ වීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන මණ්ඩලයේ බොන්ඩ්ස් මගින් ඉපයෙන ආදායම මගින් මෙම ණයවර ලිපි නිකුත් කල හැකි බවට, මුදල් අමාත්‍යාංශය පොරොන්දුව සෞඛ්‍ය අමාත්‍ය වරයාගේ විශ්වාසයට ලක්ව තිබීම මගින්ද ගැටළුවේ සැබෑ ස්වරූපය හදුනාගෙන නොමැති බව තෙරූම් ගැනීමට ඇති හොද නිදසුනකි.

එබැවින් මාස හතරකට පෙර සිදු කලයුතු සැලසුම් තව දුරටත් ප්‍රමාද නොකර, ගැටළුවේ යතා ස්වරූපය අවබෝධ කර ගනිමින්, ඖෂධ හිගයක් ඇතිවීම වැලක්වීම සදහා යථාර්ථවාදීව මැදිහත්වීම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ වගකීමකි.

පිළිකා ඖෂධ, වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග සදහා අවශ්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ වැනි ඖෂධ වර්ග ගණනාවක් මේ යටතේ හිගවීමට නියමිතව ඇත.

රවී කුමුදේශ්

Similar Posts