election

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන සන්ධාන තුනක් තරග බිමට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව එක් සන්ධානයක් ද,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ,හවුල් පක්ෂවල ලංකා උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව එක්ව එක් සන්ධානයක් ද,ජාතික ජන බලවේගය වෙනම ද මැතිවරණ බිමට පිවිසීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව මැතිවරණයට මුහුණදීම සඳහ මේ වන විට මූලික වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේ.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් කමිෂන් සභාව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.

මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බව දැනගන්නට තිබේ.

Similar Posts