unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි.ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය.

ඡන්ද විමසීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේ  දක්වමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සමීප මිතුරෙකු මෙන්ම සමීප හවුල්කරුවෙකු බවත් වත්මන් අභියෝග හමුවේ මෙම යෝජනාව ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින අභියෝගවලට මුහුණ දීමට මෙන්ම ප්‍රතිසන්ධානය, යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය දිරිගැන්වීම සඳහා බවත් සයිමන් මෑන්ලි මහතා යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.පසුගිය වාර් තාවේ අඩංගු කරුණු මෙන්ම පසුගිය මාස 18 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ඇතිවූ වර් ධනයන් සැලකිල්ලට ගනිමින් මෙම වාර් තාව සකස් වී ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ඡන්ද විමසීමේදී යෝජනාවට විපක්ෂව ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් චීනය, බොලිවියාව, පාකිස්තානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, කියුබාව සහ එරිත්‍රියාව යන රටවල් ඡන්දය භාවිත කළ අතර ඉන්දියාව, ජපානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, ලිබියාව සහ ඉන්දුනීසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර විය.

Similar Posts