milk

ආනයන අපනයන පාලකවරියගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙරටට ගෙන්වන ලද කිරිපිටි බහලුම් 15ක් නැවත වියට්නාමයට සහ ඉන්දුනීසියාවට පිටත් කර හැරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉදිරියේ දී කිරිපිටි හිඟයක් ද ඇති වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.

කොළඹ දී අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය මේ බව කියා සිටියා.

දිනකට පාරිභෝගිකයන් ලක්ෂ දෙකක් පමණ කිරිපිටි පරිභෝජනය කරන බවත්, ඉන් 20%ක් දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි පරිභෝජනය කරන අතර ඉතිරි 80% පරිභෝජනය කරනු ලබන්නේ ආනයනික කිරිපිටි බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් රජය මැදිහත් වී කටයුතු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

 

Similar Posts