උත්සව සමයේ සංචරණ සීමා පැනවෙන ලකුණු

lockdown

එළඹෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

නිරෝධායනය සඳහා පනවා ඇති මාර්ගෝපදේශයන්ගේද වෙනසක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා කියා සිටියේය.


sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip, sri lanka time, Gossip Lanka News, sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show

Related posts