Lockdown වෙනවාද? නැත්තම් Shutdown වෙනවද?

lockdown areas in sri lanka today

මිනිසාට වර්තමානයට වඩා අතිශය වැදගත් වන්නේ අනාගතයයි. එනම් ඔවුන්ගේ සියලූ‍ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා අනාගතය තුළ කේන්ද්‍රගත වී ඇති බැවිනි.

එය සාර්ථක ලෙස ළඟා කර ගැනීමට අවශ්‍ය පදනම වර්තමානයෙහි භාවිත ක්‍රමවේද තුළ ගොඩනැගෙනු ඇත. එහෙත් එයට අතීතය අමතක කළ නොහැකිය.

එයට හේතු වන්නේ වර්තමානයට අයත් සියලූ‍ම අත්දැකීම් සහ හැඩ ගැස්වීම් අතීත සමාජ සහ එහි ක්‍රියාවලිය තුළින් ගොඩ නගන බැවිනි.

COVID-19 මේ මොහොත වෙනකොටත් මුුළු ලෝකයම බියෙන් තැති ගන්වන වසංගතයක් ලෙස රජ ගෙදර රජාටත් දුගී පැල්පතේ ඉන්න දුගියාටත් එක විදිහටම පොසිටිව් වුණා.

බේරෙන්න එන්නතක් හෝ වෙනත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගන්නා තුරු ලොව පුරා ජීවත්වන මිලියන සංඛ්‍යාත පිරිසක් දෑස් දල්වා බලා ඉන්නවා.

මේ වන විට දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුර හේතුවෙන් සමාජය බරපතළ අවදානමකට වැටීමට ඉතා ඉහල ඉඩක් ඇති බව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ පෙන්වා දෙයි.

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පොකුර වාර්තා වන තුරුම ශ්‍රී ලංකාව කොවිඩ් මර්දනය අතින් ලෝකයේ දියුණුම රටවල් පවා අබිබවා ගොස් තිබුණි.

කොවිඩ් වසංගතය මුහුණදීමේදී ශ්‍රී ලංකාව මෙතෙක් පෙන්වන ලද සාර්ථකත්වය අන්තර්ජාතික මට්ටමෙන් කිහපවතාවක්ම ඇගයීමටද ලක් විය.

ශ්‍රී ලංකාව මෙවන් සාර්ථකත්වයක් අත්පත් කර ගනුයේ ලෝකයේ ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ් ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති පසුබිමකය.

මේ වගේ අවස්ථාවක ඔබේ සමාජ වගකීම හරියට ඉටු කරනවා ද?

පෙර අවස්ථාවේ අපි අපේ සමාජ වගකීම ඉටු කළා ද?

ඇඳිරි නීතිය අයින් කළාම කොරෝනා , මාස්ක් අමතක වුණා ද?

අපි වෙනුවෙන් දිවා රෑ වෙහෙසිලා වැඩ කරන ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුළු අත්‍යවශ්‍ය සේවා ඉටු කරන පිරිසට ඔබ සාධාරණයක් ඉටු කළාද?

කොරෝනා නෙමෙයි ලෝකේ පෙරළගෙන එනවා කිව්වත් මේ අත්‍යවශ්‍ය සේවා ඉටු කරන පිරිසට නිවාඩුවක් නෑ. ඔවුන්ට සිද්ධ වෙනවා ඔබ රකින්න ඉදිරියට එන්න. ඒක රාජකාරියකට එහා ගියපු දේවකාරියක්. ඉතින් ඔවුන්ට ආයෙත් පෙරට එන්න සිද්ධ වෙලා අපි වෙනුවෙන් .

අපිට වැරදුණේ කොතනද?

මේ වෙලාවේ ඔබේ සහය රටට අත්‍යවශ්‍යම මොහොතක්. පටු ආත්මාර්ථකාමී මිනිස්සු වගේ හැසිරෙන්න එපා.

ලංකාව කියන්නේ ප්‍රශ්න කන්දරාවකට මුහුණ දුන්නු රටක්.

කඩා වැටීමක වේදනාව වගේම කඩා වැටීම් හමුවේ නැගී සිටින ශක්තියත් අපිට හොඳට හුරුයි.

මනුෂ්‍යත්වයේ නාමයෙන් ආරක්ෂක, සෞඛ්‍ය අංශවල ඉල්ලීම්වලට අවනත වෙන්න. බැරිවෙලාවත් කොරෝනා හින්දා රටේ ආරක්ෂක, සෞඛ්‍ය අංශවල සේවකයින්  ලෙඩ වුණොත් මේ වගකීම ගන්නේ කවුද?

රෝගය සහමුලින්ම තුරන් කරන්න හදද්දී අපි ආයෙමත් රෝගයට ආදරෙන් අඩගැහුවා . පාලනය වුණ රෝගය ආයෙමත් සමාජයේ පැතිරෙන්න ගත්තා . වැරැද්ද කාගේද..?

කොරෝනා හින්දා එකෙක් හරි මැරුණේ නැති ගෙයක් හොයාගන්න බැරි වෙනකොට , පාංශුකූලයවත් නැතුව වළදානකොට අපේ උන්ට තේරෙයි Lockdown වෙනවාද? නැත්තම් Shutdown වෙනවද? කියලා.

 

Related posts

Leave a Comment