එල්.පී.එල්. – පළමු ශතකය ලවුරිගෙන්

lpl

ලවුරි එවෙන්ස්ගේ නොදැවුණු ශතක ඉනිමෙන් ශක්තිමත් වූ කොළඹ කිංග්ස් කී‍්‍රඩකයෝ තිසර පෙරේරාගේ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 06ක ජයක් වාර්තා කිරීමට ඊයේ (10 වැනිදා) සමත් වූහ.

කාසියේ වාසිය දිනූ යාපනය නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොළඹට ලබා දුන්නේය.  කොළඹ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 173ක

අභියෝගයක් යාපනයට ලබා දුන් අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 167ක් පමණි.

නොදැවී ලකුණු 108ක් වාර්තා කිරීමට සමත් වූ ලවුරි එවෙන්ස් එල්.පී.එල්. තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත්වන්නට ඊයේ සමත් විය. පන්දු 65ක් පමණක් වැය වූ එම ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් කිරීමටද ඔහු වගබලා ගත්තේය.

ලකුණු තත්ත්වය

කොළඹ කිංග්ස් පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 173යි (දිනේෂ් චන්දිමාල් 11, ලවුරි එවෙන්ස් (නොදැවී) 108, ඩැනියෙල් බෙල් ඩ‍්‍රම්මන් 12, ඇන්ජලෝ මැතිව්ස් 15, ඇන්ඩෲ රසල් 21, සුරංග ලක්මාල් 26/1, වනිඳු හසරංග 31/1)

යාපනය ස්ටැලියන්ස් පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 167යි (ටොම් මොරිස් 23, චරිත් අසලංක 32, ෂොයිබ් මලික් 29, තිසර පෙරේරා 22, වනිඳු හසරංග (නොදැවී) 23, සුරංග ලක්මාල් (නොදැවී) 17, ඇන්ඩෲ රසල් 46/3, ඉසුරු උදාන 20/1, දුෂ්මන්ත චමිර 26/1)

Related posts