මහකනදරාව ගොවියන් බියගැන්වීම අගමැතිට සැලකරයි

අධිකරණය හමුවේ නඩු පවරණ බව පවසමින් වාරිමාර්ග දෙපාර් තුමේන්තුව මහකනදරාව ව්‍යාපාර යටතේ වී ගොවිතැනේ යෙදෙන ගොවියන් බියගැන්වීම සම්බන්ධයෙන් මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් විසින් ඊයේ (21දා) ජනාධිපති අගමැති හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්ට ගොවිදුක හා නිලධාරින්ගේ ක්‍රියා කළාපය සැලකර සිටියහ.

කුඹුරු ගොවිතැන් කොකරන ලෙසත් එසේ කුඹුරු ගොවිතැනේ යෙදුන හොත් අධිකරණයට ඉදිරිපත් කරන බව පවසමින් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව තර්ජනය කිරීම නිසා ගොවින් විශාල පිරිසක් නාහිමියන් හමුවි දුකකීම සැලකිල්ලට ගනිමින් නාහිමිපානන් ඊයේ (21දා)ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට එම අවනඩුව සැලකර දැනුම්වත් කර තිබේ.

මහකනදරාව ගොවි ජනපදයේ දහස් ගණනක් ගොවි ජනතාව වගාකරනවා.වාරිමාර් ග දෙපාර් තුමේන්තුව ගොවි සංවිධාන වලට බලපෑම් කරනවා වතුර නැතිව වගා කරොත් නඩු දානවා කියලා.මේ මිනිස්සු අහස් වැස්සෙන් මේදේ කර ගන්නවා.කලමනාකරණය කරලා වතුර ටිකක් දෙන්න බැරි රජයේ නිලධාරි කවුද?රටක් හැටියට අපි ඉදිරියට යන්නේ කොහොමද?

මේ රජයේ නිලධාරින් බහුතරයකට ඕන රජය අපහසුතාවට සිදුවෙන වැඩකරන්න ඒ නිසා මේ සම්බන්ධයෙන් හොයලා බලන්න යනුවෙන් නාහිමිපානන් චමල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් පැවසූහ.අමාත්‍යවරයාට ඇමතුම ලබාදිමෙන් පසුව වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරින් රැසක් නාහිමිපානන්ට ඇමතුම් ලබාගත් අතර එහිදි උන්වහන්සේ මෙසේ පැවසුහ.

මොනවද ඔබතුමාල කරන්නේ.මොනවද ගොවින්ට කියන්නේ.නඩු දාන්න කිසි ප්‍රශ්නයක් නෑ.මමයි අද(22දා) මහකනදරාවේ කුඹුරු හාන්න මුලින්ම මඩට බහින්නේ.මට මුලින්ම පැමිණිල්ල දාලා අධිකරණයට ඉදිරිපත් කරන්න යනුවෙන් උන්වහන්සේ පැවසුහ.

වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙකු උන්වහන්සේට ඇමතුම් ලබාගත් අවස්ථාවේ නාහිමියන් ඔහු සමග සංවාධයේයෙදීමත් ප්‍රතික්ෂේප කරමින් දුරකථනය විසන්දි කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts