21වන කොවිඩ් මරණය මහරින් වාර්තා වෙයි

death

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21වැනි කොවිඩ් -19 මරණය සිදු වී තිබේ.එසේ මියගොස් ඇත්තේ 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි අයෙකි.ඔහු කඩවත, මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැත.

නමුත් ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

Related posts