මහර, මීරිගම, සීදූව, කටාන සහ ජා ඇළ ආසාදිතයින් හමුවෙයි

coronavirus news

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවේ නිවාඩු ගොස් සිටින කාර්යය මණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා.

එම ආසාදිතයින් 32 දෙදෙනා අතර මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් හමුවූ ආසාදිතයින් 18 දෙනෙකු, මීරිගම ප‍්‍රදේශයේ ආසාදිතයින් 03 දෙනෙකු, කටාන ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, දිවුලපිටිය ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, ජා ඇළ, සීදූව හා මහර යන ප‍්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින්, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ආසාදිතයින් 02 දෙදෙනෙකු, මොණරාගල හා යාපනය දිස්ති‍්‍රක්කයෙන් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වනවා.

ඊයේ සිදු කෙරුණු PCR පරීක්ෂණවල වාර්තා අද දිනයේදී ලැබීමටයි නියමිතව ඇත්තේ. මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ද තවදුරටත් කි‍්‍රයාත්මකයි.

 

Related posts

Leave a Comment