මරාගෙන මැරෙන කතුන් දෙදෙනෙක් නිදැල්ලේ

මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා සහරාන් ඉදිරියේ ප්‍රතිඥා (බයියත්) දුන් කාන්තාවන් අතරින් පස්දෙනෙක් මේ වන විට මියගොස් ඇති අතර තිදෙනකුට චෝදනා ගොනු කර බන්ධනාගාරගත කර ඇතැයිද ඇමැතිවරයා කීවේය.

තවත් හත්දෙනෙකු අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා යැයිද මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

එමෙන්ම පාස්කු දින ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන් හෂීම් ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ පුද්ගලයකු ලෙස කටාර්හිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නවුෆර් හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා කියයි.

පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා පැවැසුවේ වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නමැත්තා 2016 සිට සහරාන් සමග සමීපව කටයුතු කර ඇති බවයි.

අයි එස් නායක අබුබක්කර් අල් බැග්ඩෑඩිගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්ය භාරයයක් සිදුකර ඇති බවට විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවද හෙතෙම කීවේය.

 

Related posts