මරුවැල පෑගිමෙන් සෙබළෙකුට බරපතල තුවාල

සතුන් දඩයමේ ගිය සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙකු හේන් ගොවියෙකු බැද තිබූ බදින තුවක්කුවක මරුවැල පෑගිමෙන් වෙඩිවැදි බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට හොර රහසේ ඇතුලත්කර තිබෙනා අතර බදින තුවක්කුව සවිකළ හේන් ගොවියා නොච්චියාගම පොලිසියේ නිලධාරින් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නොච්චියාගම පොලිස්වසමේ ඇත්පන්තිය ප්‍රදේශයේදි පිහිටි බඩ ඉරිගු හේනකදි සිවිල් ආරක්ෂක භටයාට බදින තුවක්කුව පත්තුවි ඇති අතර ඔහුගේ ඥාතින් පිරිසක් විසින් හොර රහසේම ඔහුව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත් කර ඇතත් ශික්ෂන රෝහල් පොලිසිය ඒ සම්බන්ධයෙන් නොච්චියාගම පොලිස්ථානයට දන්වා තිබේ.

වෙඩි වැදී බරපතල තුවාල ලැබු සිවිල් ආරක්ෂක බලකා සෙබළා  ඇත්පන්තියේ පිහිටි හේනේ වගා හානි සිදුකරීමට පැමිණෙන වල් ඌරෙකු මස් පිණිස දඩයම් කිරිම සදහා බෙහෙත් කොටන තුවක්කුවත් රැගෙන එහි ගොස් ඇති අතර ඒ අවස්ථාව වනවිට හේන් හිමිකරු වල් ඌරන් වගාව වැනසීම සදහා පැමිණෙන නිසා බදින තුවක්කුව සවිකර තිබෙන්නට ඇති බව පරික්ෂන සිදුකරන පොලිසිය පවසයි.

සිවිල් ආරක්ෂක සෙබළා රාත්‍රීයේ වල් ඌරෙකු මරාදැමීම සදහා හේන් ගොවියාගේ හේනට ඇතුළුවි කුරුමානම අල්ලා සූදානම් වනවාත් සමගම සවිකර තිබූ බදින තුවක්කුවේ මරුවිල පෑගි තුවක්කුව ක්‍රියාත්මකවි වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

දණ හිස ප්‍රදේශයට වෙඩි වැදි බරපතල තුවාල ලබා ඇදවැටුණු සිවිල් ආරක්ෂක බලකා සෙබළා ඔහු අතවූ ජංගම දුරකථනයෙන් ඥාතින්ට වෙඩි වැදුණු බවක් පවසන්නට ඇති බවට පොලිසිය සැකකරනා අතර ඔවුන් එහි ගොස් තුවාලකරු ප්‍රතිකාර සදහා හොර රහසේම අනුරාධපුර ශික්ෂන රෝහට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.

අනතුර සිදුවු ස්ථානයේ තිබි බදින තුවක්කුවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර හේන් ගොවියා අත්අඩංගුවට ගෙන තිබුණි.වෙඩි ප්‍රහාරයට ලක්වු 42 හැවරදි සිවිල් ආරක්ෂක බළකා සෙබළා විල්පත්තුව බලකායේ නබඩවැව අලිවැට ආරක්ෂාව සදහා යොදවා සිටින්නෙකු බව පොලිසිය තහවුරු කරගෙන තිබුණි.

නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස් කුමාරසේන මහතාගේ උපදෙස්මත විවිධ පැමිණිලි අංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Related posts