විදෙස්ගත ශ්‍රමිකයින්ද මනුෂ්‍යයෝය

Migrant-workers-are-also-human

අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උලත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි.

එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය.

නමුත්, මේ තත්ත්වය අසුව දශකයේ අගභාගයේ  සිට වෙනස් විය.

කෘෂි බෝග අපනයන අභිබවා සංචාරක කර්මාන්තය, ඇගලුම් හා විදෙස්ගත ශ්‍රමිකයින් විසින් උපයන මුදල් අපගේ රටේ ප්‍රධාන විදේශ විනියම ලැබෙන ආදායම් මාර්ග බවට පත් විය.

මින් විදෙස්ගත ශ්‍රමිකයින් විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ගෘහ සේවයේ යෙදෙන අපගේ වනිතාවන් විසින් උපයන ආදායම ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමයෙන් හරි අඩකඩත් වැඩි විය.

2019 අග භාගය වන විට ශ්‍රී ලාංකිකයන් මිලියන 1.8 ක් විදේශයන්හි සේවය කරන බවට වාර්තා වූ අතර, මෙම ශ්‍රමිකයින් විසින් 2019 වර්ෂයේදී පමණක් මෙරට ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක දායකත්වයක් ලබාදී ඇත.

මිලියන 1.8 ක් වූ විදේස්ගත ශ්‍රමිකයින් ප්‍රමාණයෙන් ලක්ෂ හතකට ආසන්න පිරිසක් මැද පෙරදිග රටවල සේවය කරනු ලබන බව වාර්තා වේ.

එමෙන්ම එම සේවිකාවන්ගෙන් සැලකිය යුතු පිරිසක් තමන්ගේ වීසා අවසන්වීම හෝ සේවා ගිවිසුම් අහෝසිවීම හේතුවෙන් නීත්‍යනුකූල නොවන අන්දමින් විවිධ ස්ථානයන් හි සේවය කරනු ලබයි.

මෙම කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ බරපතලම අවධානයට ලක්වී සිටින්නේ මෙසේ නීති විරෝධීව රැදී සිටින මෙම විදේස්ගත ශ්‍රමිකයින් බවයි වාර්තා වන්නේ.

වත්මන් රජය පත්කිරීම සදහා විශාල දායකත්වයක් සැප යූ මෙම ශ්‍රමිකයින් හා ලක්ෂ 25කට වැඩි ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සම්බන්ධව රජයේ අවධානය තවමත් එතරම් යොමු වී ඇති බවක් නොපෙනේ.

2020 අප්‍රේල් මාසයේ පමණ සිට මෙම ශ්‍රමිකයින් නැවත සිය රටට පැමිණීම සදහා විශාල වෙහෙසක් දරමින් සිටී.

තමන් වහාම සිය රටට ගෙන්වා ගන්නා ලෙසට රජයට ඇවිටිලි කරමින් විවිධ ක්‍රියාමාර්ග ගත් මෙම ශ්‍රමිකයින් පසුව සමාජ මාධ්‍ය වෙත මුදාහාරිනු ලබන විඩියෝ ඔස්සේ ද තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරමින් සිටී.

කෝවිඩ් වසංගතය තත්ත්වය එම රටවල උත්සන්න වීම හේතුවෙන් විදේස් ගත බොහෝ ශ්‍රමිකයින් ගේ රැකියාවන් මේ වන විට අහිමි වී තිබේ.

මින් වීසා බලපත්‍ර රහිතව සේවය කළ සේවක, සේවිකාවන් විශාල ගැටලුවකට මුහුණ දී ඇති අතර ඔවුන්, තානාපති කාර්යාලයන් ඉදිරිපිට හා විවිධ පොදු ස්ථානයන් හි අවම පහසුකම් හෝ නොලබා ඉතාමත් අනාරක්ෂිතව රැදී සිටීන බව වාර්තා වේ.

පසුගිය කාල සීමාව තුළ රජය විසින් මෙසේ අසරණව සිටි පිරිසෙන් තිස්දහසක පමන කොටසක් ගෙන්වාගෙන ඇති බවට වාර්තා වුවත්, තවත් 90,000ක ට ආසන්න පිරිසක් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් තානාපති කර්යාල අසල එක්රැස්වෙමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට කොවිඩ් ආසාදනයෙන් ශ්‍රී ලංකාව තුළ මිය ගිය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක්, එනම්, 300කට අධික පිරිසක් කෝවිඩ් වසංගතයට හේතුවෙන් විදේශගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් පිරිසක් ඇතිවන පීඩනයන් දරාගැනීමට නොහැකිව හටගන්නා මානසික ආතතිය හේතුවෙන් සියදිවි නසාගන්නා තත්වයට පත්ව ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයට විසින් රටන් පිටවන විට සෑම සේවකයෙකු සදහා රක්ෂණය ආවරණයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

එම රක්ෂණය එම කාර්‍යාංශයේ ඇති අරමුදල් මෙසේ අසරණවී සිටින අය ගෙන්වා ගැනීම සදහා  උපයෝගී කර ගැනීමට හැකියාවක් තිබිය දී මේ පිරිස් ගෙන ඒම තව දුරටත් ප්‍රමාද කිරීම ගැටලුවක් වී තිබේ.

මෙම බොහෝ ශ්‍රමිකයින් මාස අටක් දහයක් පමණ තිස්සේ තම රටට පැමිණීම සදහා ඉල්ලුම්කර තානාපති කාර්යාල පොරොත්තු ලේඛන වල සිටිනු බව වාර්තා වේ.

මේ අයට අඩුම තරමේ තමන්ට ලංකාවට පැමිණිය හැක්කේ කුමන් දිනයකද යන්න හෝ දැන ගතහැකි ක්‍රමවේදයක් හෝ තවමත් සකසා නැත.

ආහාර, ආරක්ෂාව, නිවාස, සනීපාරක්ෂක හා වෛද්‍ය පහසුකම් ඇතුලු මූලික අවශ්‍යතාවයන් සපුරාගත නොහැකිව, රැකියා නොමැති වීම නිසා විශාල ආර්ථික ගැටලුවට මුහුණ දී සිටින රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ මෙම අපේම සහෝදරයින් ගෙන්වා ගැනීම සදහා රජයේ මෙන්ම මුලු රටේම අවධානය මීට වඩා යොමු විය යුතුව තිබේ.

Related posts