මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් වෙයි

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරින් රාජකාරි කටයුතු කරනා ආකාරය පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව හා තර්ජනාත්මකව ලේකම්තුමා වරද්ද ගන්න එපා යනුවෙන් මිහින්තලා ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීරයෙකු පැවසීමත් සමග මිහින්තලය ප්‍රාදේශීය කමිටු සභා රැස්වීම උණුසුම් තත්වයට පත්විය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා සැළසුම් කමිටු රැස්වීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් මිහින්තලය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී (22) පැවැත්විණි.එහිදී මිහින්තලය ප්‍රදේශීය සංවර්ධන ක්‍රියාවලියේ පසුගිය ප්‍රගතිය සාකච්ජා කෙරිණි.

කමිටු රැස්වීමට සහභාගීවූ ගම්වැසියකු කියා සිටියේ.මිහින්තලය පලුගස්වැව ප්‍රදේශයේ කැලෑවලට ඔප්පු දීලා.වටිනා කැලය විනාශ කරනවා.මොන නිළධාරියා මේවාට උදව් කරනවාද දන්නේ නෑ.වලවල් කපලා ගස් වලවල් වලට දාලා වහනවා.බොරලු කපනවා මහා පරිමාණයෙන්.ඇතැම් රජයේ නිළධාරීන් පරිසරයට ආදරේ නෑ.පරිසරයට ආදරය කරනවා නම් ඔය විශාල කැලය විනාශ කරන්නේ නෑ යනුවෙන් ඔහු පැවසුවේය.

ඒත් සමගම නැගිට සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද සම්පත් දිසානායක මහතා.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භූවිද්‍යා කාර්යංශය එකතු වෙලා මිහින්තලයේ කැලෑ විකුණනවා.මේ වන විට නිළධාරීන් මුදලට කැලෑව විකුණනවා.

වගකීමෙන් කියන්නේ.වන සංරක්ෂණ නිළධාරීන් දකින්නේ නෑ මේවා.වට අඩි 04-05 ගස් කපලා වල දාලා තියෙනවා.අපේ ප්‍රාදේශීය ලේකම්වරයා ඔප්පු රබර් වගේ අදිනවා.ඔප්පුව තියෙන්නේ කොහොවත් පර්මිට් දෙනවා.

ඔබතුමා මේවාට වගකියන්න ඕන.මුදල් අරන් මේවා විකුණනන්නේ.වගකීමෙන් කියන්නේ.ලේකම්තුමා වරද්ද ගන්න එපා යැයි උස් හඩින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඔප්පු මම අදින්නේ නෑ.මැණුම් කරලා බලපත්‍ර දෙන්නේ.කට තිබ්බ පළියට කියවන්න එපා.මම හරියට මගේ රාජකාරිය කරනවා යැයි ප්‍රාදේශීය ලේකම්වරයා මන්ත්‍රීවරයාට පෙරලා පැවසීය.

අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකුවූ ටී.එම් ජයරත්න මහතා නැගී සිටිමින් මෙසේ කියා සිටියේය.මට කවුරුත් වැඩක් නෑ.මම ඇත්ත සිද්ධිය කියන්නම්.එදා ඉඳන් ඕකේ බොරලු කපනවා.සුදුලා නිලන්තලා.චමින්ද මන්ත්‍රිතුමාලාත් කැපුවා.දැන් ප්‍රාදේශීය ලේකම්තුමා හරහා බලපත්‍ර දෙන ඉඩම් වල මැනුම් කටයුතු කරලා දීලා තියෙන්නේ.

කියුබ් 500 කට අවසර දෙන කොට කියුබ් 1000 ක් විතර කපනවා.ඒක කවුරුත් කරනවා.මේ ප්‍රශ්නය ඉදිරිපත් කරපු ජයා බාප්පා එයත් බොරලු කැපුවා.ඒවා කරන්න බැරි වෙන කොට එක එක නිළධාරීන්ට දොස් කියනවා.ඒ නිසා බොරු චෝදනා කරන්න එපා යැයි ඔහු පෙරලා පැවසීය.

ඒ අවස්ථාවේ සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන් ඇතුළු සභාවේ සිටි සියලු දෙනා සිනා සුනු අතර චෝදනා කළ සියල්ලෝම නිහඩ වූහ.

අනතුරුව අදහස් දැක්වූ සම්බන්ධිකරණ කමිටු සභාපති දුමින්ද දිසානායක මහතා නිළධාරීන්ටත් ඇඟිල්ල දික් වුණා.දේශපාලන අධිකාරියටත් එහෙම් මම තියෙනවා.ගමේ අයටත් ඇඟිල්ල දික් වුණා.

හොඳම දේ තමයි මේ ගැන සාධාරණ පරික්ෂණයක් කරමු.එතකොට ඉදිරියේදී හරි මේක බේර ගන්න පුළුවන්කම තියෙනවා.ඒ වගේම මම ඉල්ලීමක් කරනවා තම තමන් තම තමන්ගේ චෝදනාවන් හා යෝජනාවන් ඉදිරිපත් කරන කොට බොහෝම වගකීමෙන් ඉදිරිපත් කරන්න කියලා.

මොකද මේ සියලු දෙනාම රජයේ නිළධාරීන් වගේම දේශපාලන අධිකාරියත් යම් වගකීමක් ඉෂ්ඨ කරන හා කරලා තියෙන පුද්ගලයෝ.ඒ නිසා චෝදනා ඉදිරිපත් කරන කොට වගකීමෙන් ඉදිරිපත් කරන්න.එහෙම නොවුනොත් ඔබතුමන්ලා දන්නවා මාධ්‍ය පුරුදු වෙලා තියෙන්නේ ඇඟිල්ල දික් කරපු ගමන් ඒවා මාධ්‍ය වල දාන්න.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් සමරකෝන් මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර් මසේන ඇතුළු රාජ්‍යය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts