මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි

miyanmar

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා.

බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි.

ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත ක්‍රිස්ටින් මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය දැඩිව හෙලාදකිමින් මෙහිදී අදහස් දක්වා තිබුණා.

වෝල් ස්ට්‍රීට් ජර්නලය පවසන්නේ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය අමෙරිකානු – චීන අර්බුධයකට දොරටුව විවෘත කරනු ඇති බවයි.

පසුගිය සමයේ මියන්මාරයේ දේශපාලන හැසිරීම මෙම හමුදා කුමන්ත්‍රණයට බලපා ඇතැයි ද එම වාර්තාවෙන් උපකල්පනය කර තිබෙනවා.

Please follow and like us:

Related posts