මිනි කෝප්සිටි 1200ක්

bandula

ඉකුත් යපහලාන රජය සමයේ මෙරට සමුපකාර ව්‍යාපාරය බිද වැ‍ටුණු බවත් යලි එය ගොඩ්නගැනීමට තමන් ක්‍රියා කරන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ‍රැස්වීමක දී ය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“සමුපකාර ව්‍යාපාරය පසුගිය කාලයේ විශාල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා.මම මහින්ද චින්තනය ක්‍රියාත්මක කළ කාලයේ සමුපකාර ව්‍යාපාරයේ වැදගත් කටයුතු රාශියක් කළා.

මිනි කෝප්සිටි 1200ක් ඇති කරන එක කෝප් සිටි ඇති කරපු එක ඇතුළුව.ඒ සඳහා හැම අයවැය ලේඛනයකින් ම ප්‍රතිපාදන වෙන් කළා.නමුත් පසුගිය කාලය තුළ කිසිදු අයවැය ලේඛනයකින් එහෙම ප්‍රතිපාදන වෙන් කළේ නෑ.එම ආයතන පුද්ගලික දේපල බවට පත් වෙලා විශාල අක්‍රමිකතා වෙලා තියෙනවා.

සමුපකාරය නගා සි‍ටුවිමට මේ ගැන සොයන්න විද්වත් කමි‍ටුව්ක් පත් කරලා තියෙනවා.අවුරුද්දෙන් පස්සේ ඒ කාර්යාය කරලා යලි සමුපකාර ගොඩ නගන්න කටයුතු කරනවා.අත්‍යවශ්‍ය භාණ්ඩ 27 දෙන්න පුළුවන්වෙන්නේ අපි සමග විනිමය ගිවිසුම අතාන් කරන්න පුළුවන් ඒවට විතරයි.

උතුරු මැද අනුරාධපුරයේ  උතුරු පළාතේ මෙය ක්‍රියාත්මක වෙනවා.ඒ නිසා පොලොන්නරුවෙත් සමුපකාරය නගා සි‍ටුවීමට කටයුතු කරන්න ඕන.

සමුපකාර කොමසාරිස්තුමා සමග කතා කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ අත්පිට මුදල් ගෙවලා තමයි අනිත් අයට ගන්න වෙන්නේ.ටෙන්ඩර් වලින් භාණ්ඩ මිලදී ගන්න එක වෙනුවට ඉද්‍රි විනිමය ගිවිසුම් මගින් තමයි ඒ කාර්යය වෙන්නේ ”

බණ්ඩාර මුදියන්සේ – පොලොන්නරුව

Related posts