අනුරාධපුර ආසාධිතයන් 200 ඉක්මවා යයි

coronaupdates

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක හමුවු වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වාර්ථාවිමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 200 සීමාව ඉක්වා ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

මෙතෙක් කිසිදු රෝගියෙකු වාර්ථා නොවු අනුරාධපුර දිස්ත්‍රික්කයෙ තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙනුත් කොවිඩ් ආසාධිතයෙකු හමුවි තිබෙනා අතර ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22 තුලින් හමුවි ඇති මුළු ආසාධිතයන් සංඛ්‍යාව 225කි.

ඊයේ (25දා) දිනයේ පමණක් අළුතින් රෝගින් 33 දෙනෙකු හමුවි ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.අනුරාධපුර මධ්‍යම නුවර ගම් පාළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නීරාවිය රාජංගනය නොච්චියාගම මිහින්තලය ගල්නෑව ඇතුළු ප්‍රදේශ රැසකින් ඊයේ (25දා) දිනයෙත් රෝගින් හමුවි තිබේ.

පසුගිය දින 14ක කාලයේ කොවිඩ් ආසාධිතයන්ගේ වැඩිවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ඇගළුම් කම්හල් තුලින් රැල්ලක් ඇතිවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

දිනපතා රෝගින් හමුවිම ඉහළ යාමත් සමග සියළුම දෙනා ඉතාම වගකිමෙන් යුතුව කටයුතු කර රෝග ව්‍යාප්තිය පාලනය කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts