මහ නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ්

coronaupdates

අනුරාධපුර මහ නගර සභාවේ පවිත්‍රා ඒකකයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු කොවිඩ් 19 රෝගය වැලදි ඇති බවටතහවුරුවීමත් සමග සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගින් සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිදෝගම පොලිස් වසමෙන් හා ගලෙන්බිදුණුවැව පොලිස් වසමෙන් එක් රෝගියෙකු බැගින් රෝගින් දෙදෙනෙකු වාර් ථාවි තිබුණි.ඊට අමතරව අනුරාධපුර මහ නගර සභාවේ පවිත්‍රතා ඒකකයේ දෙවන පියවරේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුත් වෛරසයට ගොදුරුවි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

අනුරාධපුර දහයියාගම ප්‍රදේශයෙන් වාර් ථාවු කොවිඩ් පොකුරේ සංඛ්‍යාව නගර සභා සේවකයන් දෙදෙනා සමග 23ක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කළ අතර එම අශ්‍රීතයන් සම්බන්ධයෙන් සිදුකර තිබෙන පී.සී.ආර් පරික්ෂනවල වාර් තා තවදුරටත් ලැබීමට නියමිතව තිබෙනා බව එම අංශය පවසයි.

ගළෙන්බිදුවැවින් ආරම්භවු කොවිඩ් පොකුරු හත දක්වා වර් ධනයවි තිබෙන අතර තවදුරටත් ආශ්‍රීතයන් සොයා පරික්ෂන පැවත්වෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඊට අමතරව කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ කැදඩුම් බිදුම් වෛද්‍ය මධ්‍යස්ථානයකටත් කොවිඩ් වැළදුණු රෝගියෙකු පැමිණිම නිසා එම ආයතනයේ සේවකයන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

Related posts