New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කරයි

New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කර ඇතැයි නාවික හමුදාව පවසයි.

ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මේ බව තහවුරු කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කළේ MV New Diamond නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථකව මැඩපැවැත්වීමට හැකිවූ බවයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තරයේ සහය ද හිමිව තිබේ.

ගිනි ගත් ඉන්ධන නෞකාව ගොඩබිම දෙසට ඇදී ඒම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කරයි.

මේ අතර නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව චීන වරාය ගුවන් හමුදා කඳවුරින් අද උදෑසන වයි 12 වර්ගයේ ගුවන් යානයක් පිටත් කර හැර තිබේ.

 

Related posts

Leave a Comment