තවත් අමාත්‍යංශ දෙකක් !

තවත් අමාත්‍යංශ දෙකක්

නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ.

ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම තාක්ෂණ අමාත්‍යංශය ස්ථාපිත කරන බව ඒම ගැසට් නිවේදනයේ සදහන් වේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඒම අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ද ආයතන, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ටෙලිකොම් සමාගම හා ඒහි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, කාර්මික තාක්ෂණ ආයතනය, නැනෝ ටෙක්නොලොජි ආයතනය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, තොරතුර තාක්ෂණ උද්‍යානය, ප්‍රමිති ආයතනය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන 10ක් තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතට පවරා තිබේ.

සියලුම පුරවැසියන්ට බියෙන් හා සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම හා නීතිය හා සමාය පවත්වාගෙන යාමේ අරමුණෙන් මහජන ආරක්ෂණ අමාත්‍යංශය පිහිටුවා තිබේ.

මෙම නව අමාත්‍යංශ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 4ක් අයත් වෙයි.

මෙම අමාත්‍යංශය වර්තමාන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට ලැබීමට නියමිතව ඇති බව චමල්ගෙන් පොලීසිය ඉවතට සරත් වීරසේකරට පොලිසිය සමග කැබිනට් ඇමතිකමක් යන ශීර්ෂය යටතේ විමල් වීරවංශ මහතාට අයත් ලංකා සී නිවුස් වෙබ් අඩවිය සදහන් කරයි.

 

 

Related posts