තවත් විදුහලකින් කොවිඩ් මතුවේ

school

බගවන්තලාව ශා/ මේරි විදුහලේ කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි එක් සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මෙම විදුහලේ සිසු සිසුවියන් 70 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් පසු ලැබුන පි. සි. ආර්. වාර්ථා මත එම විදුහලේ 9වන ශ්‍රේණියේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගෙන ඇති බවද ඔහු පවසන ලදි.

මෙම කොවිඩ් ආසාදිත සිසුවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගන්නා බවත් එම ආසාදිත සිසුවාගේ ආශ්‍රිතයන් සොයා එම අය ස්වයං නිරෝධානයට ලක් කර එම අයද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

එමෙන්ම බගවන්තලාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අමතර පංතියකට සහාභාගිව සිටි සිසුන් දස දෙනකු හා එම අමතර පංතිය පවත්වාගෙන ගිය ගුරුවරයා ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Related posts