මාස 4ක බබෙක් කොරෝනා හැදී මරුට

child

කොවිඞ් 19’ ආසාදිතව මාස හතරක වයසැති බිලිඳකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිලිඳකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.

පසුගිය 12 වැනිදා මෙම දරුවාට මාස හතරේදී ලබා දෙන එන්නත තිත්තපජ්ජල රෝහලේදී ලබා දී ඇත. ඉන්පසු උණ සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා පසුදින පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දීමට මව පියවර ගෙන තිබේ.

ප‍්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට ඇතුළත් කර ඇත.

පසුව පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එදිනම රාත‍්‍රියේ දරුවා මියගිය ගොස් ඇත.

පීසීආර් පරීක්ෂණයේ දී දරුවාට ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇති බව තහවුරු වූ බව සඳහන් වේ.

Related posts