lockdown areas in sri lanka today

අරලගංවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග  අරලගංවිල පොලිස් ස්ථානය වසා දමා එහි නිලධාරින් පොලිස් ස්ථානය තුළ දීම නිරෝධායනයට යොඋ කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.හෙතෙම වැඩි දුරටත් පැවසුවේ මේ වන විට අරලගංවිල පොලිස් ස්ථානයේ සේවය කළ නිලධාරින් හා ඔවුන්ගේ සමීපතමයින් 136 දෙනෙකුගේ ජෛව සාම්පල් ලබාගෙන පී.සී.ආර්.පරික්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

කෙසේ වෙතත් උප පොලිස් පරික්ෂකවරයාට වෛරසය ආසාධනාය වූ මූලාශ්‍රය තමවමත් තහවුරු වී නැති බවත් අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සොයා බැලීම් කරන බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලේ සේවය කළ සුළු සේවකයෙකු පොලොන්නරුව නෙලුම්විල ප්‍රදේශයට පැමිණීමෙන් පසු නව කොරෝනා වෛරසය ආසාධනය වූ බව තහවුරු වීමෙන් පසු සිදු ඔහුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්.පරික්ෂණ වාර්තා සෘණාත්මක වී ඇති බවත් ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව ඉක්ම වීම නිසා නිදහස් කළ බවත් වෛද්‍ය කුමාරවංශ මහතා පැවසීය.

අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ පී.සී.ආර්.වාර්තා අද(23) ලැබීමට නියමිත බව ද හෙතෙම පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts