කොවිඩ්-19  වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මෙම හදිසි අවස්ථාව පිළිබඳ ඇමෙරිකාව දැනුවත් කළේය.

ධවල මන්දිරයේ රෝස් ගාඞ්න්හි සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. කෝවිඞ් 19 වෛරසය අමෙරිකාව පුරා ව්‍යාප්තව ගොස් ඇති පසුබිමක් තුළයි ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙලෙස රටපුරා හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේ.

එමෙන්ම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස ට්‍රම්ප් සියලුම ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේය.

මේ අතර, කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි තහවුරු කරන පරීක්ෂණ සෑම අයෙකුම සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ට්‍රම්ප් කියා සිටියේය.

Similar Posts