astrazeneca vaccine side effects, astrazeneca vaccine efficacy, astrazeneca vaccine canada, astrazeneca vaccine news, astrazeneca vaccine usa, astrazeneca vaccine update

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාවක් ඇත්දැයි  සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ජාත්‍යන්තරව සිදු කර ඇති ඇතැම් පර්යේෂණවලින් ඇඇස්ට්‍රාසෙනිකා මෙසේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවට තහවුරු වී ඇතැයි ඔහු පවසයි.

මේ  සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග කමිටුවෙන් සහ ජාතික ඖෂධ නියාමන කමිටුවෙන් විමසීම් කර තිබෙන බවත්  විද්වත් මතය සුබවාදී වුවහොත් එය ක්‍රියාත්මක කරන බවද ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති මුළු සංඛ්‍යාව 925242කි. ඉන් පුද්ගලයින් 355675 දෙනෙකුට පමණක් ඊයේ (15) වන විට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබිණ. සෙසු ලක්ෂ 6 ක පමණ පිරිස තවමත් සිටින්නේ දෙවැනි මාත්‍රාවක් නොමැතිවය.

ශානිකා

Similar Posts