pilika

ඇෆ්ලොටොක්සින්  පිළිකාකාරකය පොල්තෙල් වල පමණක් නොව පුස් බැඳුනු රට කජු/ පුස් බැඳුනු මිරිස් ආදියේ පවා තිබිය හැකි බව  ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය  විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි.

මෙය පුස් වැනි  දීලීරයක් මඟින් ඇති කරන පිළිකා කාරකයක් වන අතර ඇතැම් පිළිකා කාරක රත් කළ විට උෂ්ණත්වයේදි විනාශ වුවද මෙම පිළිකා කරකය එසේ විනාශ වන්නේ නැති බව ඒ් මහතා පවසයි. පොල්තෙල් ගෙන්වීම සීමා කළ පමණින් මෙම පිළිකා කාරය අප අතර නැති බව සහතික විය නොහැකි බවත් මෙරට ආහාර වල හටගන්නා පුස් වලින්ද මෙම පිළිකා කාරකය මතු විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මෙවැනි පිළිකා කාරක අඩංගු ආහාර පරිභෝජනය කිරීමෙන් ඒ්වා ශරිරයේ අක්මාවේ තැන්පත් වී පසුව නිදන්ගතව තිබී පිළිකාවක් ලෙස මතු විය හැකි බවද විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියි.

ශානි

Similar Posts