ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් වැඩි වෙන ලකුණු

corona-outbreak

ඉදිරි දිනවල කොවිඩ් ව්‍යාප්තිය වැඩිවිය හැකි බවත් බොහෝ දෙනෙක් ඊට ගොදුරු වී මිය යෑමෙන් බේරගැනීමට ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වුවහොත් විශාල ඛේදවාචකයකට පත් වියහැකි බවය.

“යුරෝපයේ පැතිරී ගිය වෛරසයට වඩා ඉතාමත් සීඝ්‍රයෙන් මෙම වෛරසය පැතිර යෑම ආරම්භ වී තිබෙනවා. එය ඉතාම භයානක තත්ත්වයක්. මේ තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් මෙය රෝහල්වලට දරාගත නොහැකි තත්වයකට පත් වෙනවා. එහෙම වුවහොත් එය සමාජගතවීමක් හැටියට සැලකීමටත් ඉඩ තිබෙනවා.

අපේ රටේ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් අපි ලොකුම ඛේදවාචකයකට පත් වනවා. විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනා නැවතත් දින 14 නිරෝධායනය අනිවාර්ය කළා. සති අන්තයේ නිවාඩු ගත කිරීම සඳහා යෑම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුයි. දැන් තිබෙන වර්තමාන වෛරස් තත්ත්වය අනුව පොදු ප්‍රවාහන සේවයේ යෑමේදී දැඩි ප්‍රවේශම්කාරීව ගමන් කළ යුතුයි.”

Related posts