slin

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක් රැස් කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 4ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ඉෂාන් කිෂාන් ලකුණු 59ක් රැස්කළේය.

තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

ada paththare, c news in sinhala, c news sinhala sri lanka, divaina epaper, e news in sinhala, epaper lankadeepa,
esana news, laankadeepa, lanka news paper,

Similar Posts