උන්මන්තක පාට් දමා පොලිසිය හා මහජනතාව රවටමින් ගංජා විකුණූ පුද්ගලයා පොලිස් දැලේ

ගවුමක්  හැද මානසික  රෝගීයෙකු ලෙස හැසිරෙමින් ගංජා විකිනීමේ  ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු මහරගම, පිටර් සමරතුංග  මාවතේදී (12) වන දින සවස අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.
සැකකරු සන්තකයේ විකිණීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිලි ගෑම් 7000 ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බවත් පොලීසිය පැවසීය.
මහරගම  පිටර් සමරතුංග  මාවතේ පදිංචි මානසික ආබාධයකින් පෙළෙන  රෝගියෙකු ලෙස හැසිරෙමින් ඉතා සූක්ෂම අයුරින්  ගංජා විකුණන  බවට බස්නාහිර පළාත්  පළාත් බුද්ධි ඒකකයේ  කොස්තාපල්  (77984) වීරසූරිය නිලධාරියාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කාන්තා ගවුමකින් සැරසී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී හැඳ සිටි රතුපාට ගවුමට යටින් හැඳ සිටි කලිසමේ සාක්කුව තුළ තිබී  ගංජා සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
46 හැවිරිදි සැකකරු මීට පෙර අවස්ථා කීපයකදී ගංජා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප පිට නිදහස්ව සිටින පුද්ගලයෙක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හා විමර්ශන මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච් ජනකාන්ත මහතාගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම් ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන්  කොස්තාපල්වරුන් වන 45042 සුමතිපාල 77984 වීරසූරිය 10715 ජයවීර 96825 ජයවික්‍රම යන නිලධාරින් විසින් පවත්වනු ලබයි.
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

Related posts