elawalu-thoga

එළවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග  පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මේ වන විට එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

රටතුල පවතින කොවිඩ් තත්වයන් මත තම ආදායම් තත්වයන්ද පහල බැස ඇති බවත් මෙම තත්වයන් මත එලවලු මිලද මෙසේ ඉහල යාමත් සමග තමන් කබලෙන් ලිපට වැටි ඇති බවද ඔවුන් තව දුරටත් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් කිපදෙනකුම පවසන ලද්දේ එලවලු තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් එලවලු මිල ඉහල යාමත් සමග එලවලු වෙලදාමද පහල බැස ඇති බැවින් තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

lanka c news, lanka news web, lanka news web sinhala, neth news sinhala, sinhala news 24, hiru news sinhala, lanka e news sinhala, sinhala news papers,
lanka c news,

Similar Posts