kanjani

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු මෙහෙය වු මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒ්කක 01 හි නිලධාරීන් විසින් හෙළිකර ගෙන ඇත.

කංජිපානිගේ  ප්‍රධාන ගෝලයෙකු වු ක්ලේමන් නැමැත්තා විසින් මේ වන විට මෙහෙයවනු ලබන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 07 ක් සමඟින් ඊයේ සවස වැල්ලම්පිටිය, කොහිලවත්තේදී සංවිධානාත්මක අපරාධ මර්ධන ඒ්කක 01 මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු තිස් හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මොහුව වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසියට බාර චී ඇත.

ශානිකා

Similar Posts