vijitha

රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි.

රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුව තිබූ බවද පවසන ඔහු ඒ සඳහා මෙතෙක් කිසිදු පර්යේෂණයක් හෝ සිදු කර නැතැයි පවසයි.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබාදීම ඉතාම සුදුසු බවත් නමුත් ප්‍රශ්නය ඇත්තේ කාබනික පොහොර ලබාගැනීම සැපයුම් සපයා ගන්නේ කෙසේ ද යන බවත් ඒ මහතා කියයි.

නාගරික කසළ හරහා මෙරට පස්සේ පරිසරයට උචිත නොවන විවිධ ආක්රමණශීලී ශාක වල බීජ පවා පැමිණිය හැකි බවත් කිසිම රටකින් කාබනික පොහොර ලෙස නාගරික අපද්‍රව්‍ය ගෙන්වීම අනුමත කළ නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Similar Posts