world health organization latest news

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙරේදා (31 වැනිදා) ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සඳහා බෙහෙවින් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අවිධිමත් ලෙස ලබා දීම යන හේතු බලපෑ ඇති බවයි.

සමාජයේ සංචාරය ඉහළ යාම සහ එන්නත්කරනයේ අසමානතාවය නිසා ඩෙල්ටා ප‍්‍රබේධය ඉහළ යමින් ඇතැයිද ඔවුන් ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියි.

දැනට අසීරුවෙන් ඇති තත්වයන් මෙමගින් අනතුරේ හෙලීමක් සිදුවන බවත් එය මෙරට සෞඛ්‍ය පද්ධතියද අවදානමට පත් කරනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ ලෝකය පුරා කොවිඩ්-19 රෝගීන් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බවයි. වර්තමාන ප්‍රවණතා අනුව ඉදිරි සති දෙක තුළදී මුළු රෝගීන් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Similar Posts