coronadead

ඉන්දීයාවේ, දිල්ල නුවර කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එම නගරයේ ආදාහනාගර සහ සුසාන භූමි දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි.

දිල්ලි නුවර විශාලතම ආදාහනාගරය සහ සුසාන භූමිය හිමි නිගම්බොද් ගාට් හී අවසන් කටයුතු කිරීම සඳහා දිනකට කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 15 සිට 30 දක්වා අතර ප්‍රමාණයක් රැගෙන එන බව වාර්තා වෙයි.

තමන්ගේ ඥාතීන්ගේ සිරුරු රැගෙන ගිය බොහෝ පිරිසක් හට අධික වෙලාවක් බලා සිටීමට වූ පුවතක් ද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ඉන්දියාවේ චට්ටිස්ගාර්හී කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සඳහා කසළ ප්‍රවාහනය කරන ලොරි රථ භාවිතය කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු සමාජය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවද සඳහන් වෙයි.

Similar Posts