parliament-of-sri-lanka

විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය.

ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය භාවිත නොකල අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ, විශ්වාසභංගය පරාජය කිරීම සඳහා සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට රජය කටයුතු කර ඇති බවය.

කෙසේවුවද අභ්‍යන්තර ගැටලු තිබුණද පවතින තත්ත්වය තුළ ආණ්ඩුව දුර්වල කිරීමට විපක්ෂයට කිසිදු අවස්ථාවක් ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

lanka, jaffna news, hiru gossip lanka, kandy, lanka news web, sri lanka population, nuwara eliya, colombo sri lanka, tamilwin sri lanka news, negombo,
sri lanka language, sri lankan news, lanka news, anuradhapura, jaffna, colombo stock exchange, daily mirror sri lanka,

Similar Posts