delta

කොවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ‘කොරෝනා වයිරසයේ මුල් කාණ්ඩය’ ආසාදනය වූ අයට වඩා වයිරස් අංශු විශාල ප්‍රමාණයක් නිපදවන අතර එමඟින් ඔවුන් හරහා ආසාදනය පැතිරීම ඉතා පහසු වන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

මෙරටින් වාර්තාවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ගණන 66ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසුවේ බහුතරයක් කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ බවයි.

චීනය සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙන් පසුව නිරෝධායනය කරන ලද පුද්ගලයින් 62 දෙනකු මෙම කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලද අතර, කාලයත් සමඟ එය වෙනස් වන්නේ කෙසේදැයි බැලීමට ආසාදන කාලය පුරාම සෑම දිනකම ඔවුන්ගේ වයිරස් ප්‍රමාණය(viral load) පරීක්ෂා කර ඇත.

2020 දී ව්‍යාප්තවූ මුල් SARS-CoV-2 වයිරසයට රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 63දෙනකුද සමඟ මෙම ඩෙල්ටා ආසාදන රටාවන් සංසන්ධනය කිරීමෙන් පසු මෙම ප්‍රතිඵල අනාවරණය වී තිබේ.

Similar Posts