ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය ලොවටම පැහැදිලි පොරොන්දුවක් දුන්නේය.

පොරොන්දුව දින කිහිපයක් ගතවීමටත් පෙර කඩකිරීමට එම සංවිධානයේ ආයුධ සන්නද්ධ සටන්කරුවන් ක්‍රියාකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කාබුල් අගනගරය ට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ජලලාබාඩ් නගරයේදී ඊයේ තලෙබාන් සංවිධානයට එරෙහිව උද්ඝෝෂණයක් නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ තලෙබාන් තුවක්කුකරුවන් විසින් එම උද්ඝෝෂකයින්ට වෙඩිතැබීමක් සිදුකළ බවත් ඉන් නගරවාසීන් තිදෙනෙක් මියගොස් ඇති බවත් ය.

Similar Posts