දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වැසේ

dabulla-arthika-madyasthanaya

අද(13) දහවල් සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි.

දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළේ, එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බවය.

ඊයේ (12)දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝග්‍රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී තිබේ.

Related posts