ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල එංගලන්තයේ වීථියක රාත්‍රී සැරිසරන ආකාරයක විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ.

එහිදී කුසල් මෙන්ඩිස් සතුව සිගරැට්ටුවක් පවතින අයුරුද දක්නට ලැබේ. ඔවුන් දෙදෙනා යම් නොමනා ක්‍රියාවක් සඳහා කුරුමානම් අල්ලන බව ඉන් පෙනී යන බවද සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන් කියයි.

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අසාර්ථක වෙමින් තරඟ පරාජයට පත්වීම් සිදු වන්නේ ඔවුන් රාත්‍රී කාලයේදී සමාජ ශාලාවල නිදිවරමින් මත්පැන් බොමින් කටයුතු කරන බැවින් යැයි විශාල චෝදනාවක් ද පවතින තත්ත්වයක් තුළ මෙම වීඩියෝව ඊට කදිම නිදසුනකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.

ඒ, ඔවුන් තිදෙනා එංගලන්තයේදී විනය කඩ කරමින් ජෛව ආරක්‍ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන්.

එම ක්‍රීඩකයින් තිදෙනා අද අද දිනයේම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සදහන් කළේ.

Similar Posts