manusha

රසායනික ද‍්‍රව්‍ය කාන්දුවක් වන බව දැන දැනම එක්ස්ප්‍රස් පර්ල් නැව රට ඇතුළට ‌අරගත්තේ රටේ  තියෙන ඩොලර් හිගයට විසදුමක් ගන්නදැයි සමගි ජනබලවේගයේමාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

රසායනික ද‍්‍රව්‍ය රැගත් නැව පිපිරීම බරපතල තත්වයක් බවට පත්ව තිබෙන බවත් මේ වන විට  නැව මුහුුදුබත්වීමේ අවදානමක් ඇති අතර ඒ් තුල තිබෙන රසායනික ද‍්‍රව්‍ය මුහුදට එක්වෙමින් පරිසර පද්ධතිය විනාශ වෙමින් පවතින අවස්ථාවක රජය මෙයින් වන පරිසර හානිය අවම කර නීතිමය පියවර ගත යුතු බවද ඔහු පවසයි.

රසායනික ද‍්‍රව්‍ය කාන්දුවීමක් වන විට අවශ්‍ය මෙහෙයුම් කටයුතු කිරීමේ  පහසුකම් තමන්ට නොමැති බව දන්වා මේ  නැව ඉන්දියාව හා කටාර් රාජ්‍යය තමන්ගේ රටවලට ඇතුළුවීම තහනම් කර ඇති අවස්ථාවක මේ නැවට ඒමට අවසර දුන් බව වරාය අධිකාරිය පවසන බවත් නමුත් මෙවැනි  රසායනික ද‍්‍රව්‍ය සහිත නැවක් ලංකාවට එන විට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අනුමැතියක් ලබා නොගත්තේ ඇයිද යන්න ගැටලුවක් බවද හෙතෙම කියා සිටියි.

මේ නැව නිසා ඇතිවී තිබෙන විනාශය ඩොලර් වලින් ගණන් කළ නොහැකි අතර  ඇතිවූ පරිසර හානිය මුදල් වලින් මනින්න බැරි බවත් නමුත් මේ නැවෙන්  ලොකු වන්දියක් ලබාගන්නා බව ආණ්ඩුවේ  ඇමැතිවරයෙක් කියන බවද ඔහු පවසයි.

මේ නැවෙන් ලංකාවේ මුහුදට හානියක් වෙන්න ඇර ඩොලර් එකතු කරගන්නද ආණ්ඩුව හදන්නේ? කියා සැකයක් මතු වන බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ වගේම ලෝක රක්ෂණ සමාගම් එක්ක සම්බන්ධතා තියෙන ඇමැතිවරු සිටින බවත්  මේ හරහා රජයට මුදල් ලබාගැනීම කෙසේ වෙතත් තම තමන්ගේ සාක්කුවලට මුදල් ලබාගැනීමට ලංකාවේ පරිසරය විනාශ වෙන්න ඉඩ ඇරියාද කියන සැකය ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

ශානිකා

Similar Posts