නුවරඑළියෙන් තවත් කොරෝනා පොකුරක් – ආසාදිතයන් 2194ක්

nuwaraeliya

නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ තවත් නිලධාරින් පස් දෙනෙකුට සහ නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

නුවරඑළිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියෙකුට සහ පොලිස් රථ වාහන අංශයේ සිව් දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු අතර , එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් හය දෙනා හමු වි ඇත.

නව අසාදිතයන් හය දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කල බවත්, නව අසාදිතයන් හය දෙනාගේ ළගම ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවයි නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ රාජකාරි සදහා නුවරඑලිය පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් නුවරඑළිය පොලිසියට තාවකාලිකව අනුයුක්ත කර රථ වාහන අංශයේ රාජකාරි සිදු කරන බවයි නුවරඑළිය පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ටි. ආර්. අයි. තේ කර්මාන්ත ශාලා ප්‍රදේශයේ එකම පවුලේ කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හා තවත් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග එම ප්‍රදේශය හා ශා/කුම්බස් වතුයාය තුල සංචරන සිමා පැනවිමට පියවර ගෙන ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරි මහතා පවසන ලද්දේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් ඔහුගේ පවුලේ අය හා තවත් කිප දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම ආසාදියාගේ පවුලේ පස් දෙනකු හා තවත් හය දෙනකු ආසාදිතයන් ලෙස හදුනා ගත් බවත්ය.

එම තත්වයන් මත මෙම ටි. ආර්. අයි. ආයතන ප්‍රදේශයේ හා එම ප්‍රදේශය අසල පිහිටා ඇති ශා/කුම්බස් වතුයායේ  සමහර පිරිස් විවිධ ප්‍රදේශවලට යාම තුලින් කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානමක් පවතින හෙයින් එම ප්‍රදේශයන් ‍තුල මෙසේ සංචරන සිමා පැනවිමට පියවර ගත් බවත්ය.

මෙම ආසාදිතයන් හමුවිමත් සමග එම ප්‍රදේශ තුල තවත් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 09වන දින වන විට ලැබි ඇති වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 41 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් 19 ආසාදිතයන් 2194 දක්වා ඉහල ගොස් ඇති බව නුවරළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම කොවිඩ් 19 ආසාදිතයන් ලිදුල, මස්කෙළිය, නුවරඑළිය, කොටගල, නව තිස්පනේ, රාගල යන සෞඛ්‍ය බල ප්‍රදේශවලින් හා නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්ථාවි ඇති බවත්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්ථාවි ඇති ආසාදිතයන් 2194 දෙනා අතරින් ආසාදිතයන් 576 දෙනකුම වාර්ථාවි ඇත්තේ සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ වාර්ථාවි ඇති ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන ඇති පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 15ක් වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

හුදකලා කර ඇති බගවන්තලාව ඉන්දස්ට්‍රි වතුයායේ තවත් 180ක් පමන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ඉන්ජස්ට්‍රි වතුයාය ආසන්නයේ පවත්වා ගෙන යනු ලබන පුද්ගලික කර්මාන්ත ශාලාවක කරන ලද පි. සි. ආර්. පරික්‍ෂන මත කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග එම වතුයාය හුදකලා කිරිමට පියවර ගත් බවත්ය.

එම කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස මේ වන විට  හදුනාගෙන ඇති  පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිසෙන් 180 දෙනකු පමන මේ වන විට පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එහ් තවත් පිරිසක් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට ඉදිරි දින දෙක තුන තුල පියවර ගන්නා බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts